ජෝන් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැංකි මහතා සතිදෙකකට වරක් ප්‍රකාශයට පත්කරන ලෝකයේ රටවල් උද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ස්ථාන හයක් පසුපසට පැමිණ තිබේ.
පසුගිය 02 දා ඔහු විසින් ගණනය කර තිබූ ලෝකයේ රටවල් අතර උද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයට ස්ථාන ගත කර තිබුණි.
කෙසේ වෙතත් ඔහු 16දා ගණනය කළ නවතම දර්ශකය අනුව ශ්‍රී ලංකාව ස්ථාන හයකින් පසුපසට පැමිණ 13 වැනි ස්ථානය දක්වා උද්ධමනය වැඩි රටවලින් පසුපට පැමිණ තිබේ.
මේ අනුව ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතරින් ශ්‍රී ලංකාව 13 වැනි ස්ථානයේ පසුවිය. ඔහුගේ දර්ශකය අනුව මීට මාස කිහිපයට පෙරාතුව ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතරන් 2 ස්ථානයට ශ්‍රේණිගත කර තිබුණි.
ඒහිදී ශ්‍රී ලංකාව දෙවැනි වූයේ සිම්බාවේට පමණක් වන අතර ආසියාවේ ඉහළම උද්ධමනයක් ඇති රට බවටද ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර තිබුණි.
ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රට ලෙස තවමත් ඉදිරියෙන් පසුවන්නේ සිම්බාබ්වේ රාජයයි.

