හාලි ඇල නිවසක් මතට කිලෝ පනහක පමණ අයිස් කුට්ටියක් වැටෙයි
හාලිඇල මැදගම නිවසක වහලයක් මතට අද 12 කිලෝ පනහක පමණ බරකින් යුත් අයිස් කුට්ටියක් පතිත වූ බව එම නිවැසියන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්වත් කර ඇත.
වහලය මතට පතිත වූ එම අයිස් කුට්ටිය වහලයේ දියවී ගලා විත් බිමට පතිත වූ බවත් දියවීමට පැය කීපයක් ගත වූ බවත් නිවැසියන් ආපදා අංශ වලට දන්වා තිබේ.
අයිස් කුට්ටියේ වැටුණු ස්ථානය වහලය ගිලාබැස ඇති බවද නිවැසියන් පැවසීය.මෙම සිද්ධියෙන් කිසිවකුටත් අනතුරක් සිදුවී නොමැති බවද පැවසේ.
මෙතරම් විශාල අයිස් කුට්ටියක් අහසින් වැටීමක් වාර්තාවන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.
කෙසේ වෙතත් වියළි කාලගුණික තත්ත්වයන් හමුවේ අයිස් වැටෙන තත්ත්වයන් වාර්තා වුවද මෙවැනි විශාල ප්‍රමාණයේ අයිස් කුට්ටියක් හුදෙකලා තැනකට වැටීමක් වාර්තා වන්නේ ප්‍රථම වතාවට බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
සමන් පාලිත/නිශාන්ත කුමාර/ප්‍රසාද් රුක්මාල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

