හාරකෝටියක රන් කටුනායකදී අත්අඩංගුවට
රුපියල් හාර කෝටි තිස් ලක්ෂයක් ( රුපියල් මිලියන 43 ක් ) වටිනා රත්තරන් තොගයක් සිය ගමන් මලු තුළ සගවා ගෙන ඩුබායි සිට මෙරටට පැමිණි ව්‍යාපාරිකයෙකු ඊයේ (18දා) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .
මොහු නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතු සිදු කරන කොළඹ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු 05/18 දින උදෑසන 08.30 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුනක් තුළ කිලෝ ග්රැම් 02 ක් බරැති මෙම රත්තරන් තොගය කම්බි වශයෙන් සකස් කර එම ගමන් මලු තුළ ඔතා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි.
පසුව මේ පිළිබඳව පැවති විධිමත් රේගු පරීක්ෂණයේදී මෙම රත්තරන් තොගය රාජසන්තක කර මෙම ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂ දොලහක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

