ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා හා අබ්දුල් රාශික් ගෝඨාභය රාජපක්ෂ මහතගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ බවට වාර්තාවන තොරතුරු වල සත්‍යතාවක් නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
ඩලස් අලහප්පෙරුම මහතාගේ නිවේදනය
“ඇතැම් පුද්ගලයන් විසින් ජනාධිපතිවරණයේ ජාතික අපේක්ෂකයා පිළිබ සිදුකරනු ලබන ප්‍රකාශ පාදකකොට ගනිමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අදීන පෞරුෂය සහ දේශජ ප්රතිපත්තීන් පිළිබ`ද වැරදි අර්ථකථන ලබා දීමට ඇතැම් විසකුරු බලවේග කටයුතු කරමින් සිටින බව පෙනේ. මෙය පසමිතුරු බලවේගයන්ගේ අවසාන උත්සාහය වී ඇති බව ද නිසැකය.
”ඒ. එල්. එම්. හිස්බුල්ලා මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට වාසියක් ගෙන දීමේ අරමුණිනි.” ”බුදුරජානන් වහන්සේ පිළිබඳ අශිෂ්ට ප්‍රකාශයක් සිදුකළ රාසික් නැමැත්තෙකු ගෝඨාභය මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට බර තබමින් සිටී.”
උක්ත ප්‍රකාශ ද්විත්වය ම අප විසින් දැඩිව ප්‍රතික්ෂේප කරනු ලබන්නේ එකී අර්ථ ශූන්‍ය උත්සාහයන්ට ම උරුම වූ පිළිකුලිනි.
ශිෂ්ඨ සම්පන්න බව, වගකීම්සහගත බව මෙන් ම නූතන මතවාදයන්ට මුල්තැන දෙමින් අවෛරී දේශපාලන සංස්කෘතියට නැවුම් ආකෘතියක් හඳුන්වා දී ඇති ගෝඨාභය රාජපක්ෂ මැතුතුමා ප්‍රශ්න කළ යුත්තේ ඔහුගේ මතවාදයන් ප්‍රශ්න කිරීමෙන් විනා අශිෂ්ට මාධ්‍ය ප්‍රයෝග වලින් නොවන බව අපි නැවතත් අවධාරණය කරන්නෙමු.”