අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසු ඇප මත නිදහස් විය.
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේය.
