දේශපාලනික වශයෙන් අතරමංවී සිටි සමහර හවුල්කාර පක්ෂ මහමැතිවරණයේදී තම පක්ෂය සමග එකතු වී අඟේ සිට කන කමින් සිටින බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෙංකඩගල ආසනයේ කාන්තා බලමණ්ඩල රැස්වීම මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදි ඊයේ (21දා) පැවති අවස්ථාවේදී ඒ බව අවධාරණය කළ අමුණුගම මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය .
කොවිඩ් ව්‍යසනය හමුවේ රජයට මුහුණ දීමට සිදු වූ අභියෝග, අර්බුද ප්‍රයෝජනයට ගනිමින් ආණ්ඩුව තුළ සිටි ඇතැම් හවුල්කාර පක්ෂ තමන්ගේ පක්ෂ ගොඩ නැංවීමේ කටයුතු සිදුකළා . එය අඟේ සිට කන කෑමට හා සමාන වැඩක් . කාබනික වගාව රටේ ප්‍රචලිත කිරීම සඳහා සද්භාවයෙන් යුතුව ගෙන ගිය වැඩපිළිවෙළ හමුවේ පොහොර හිගයක් රටේ ඇති වෙද්දී ගොවි උද්ඝෝෂණ වලට සම්බන්ධ වෙමින් පක්ෂ ගොඩනැගීමට ඇතැමුන් ක්‍රියා කලා . ආණ්ඩුවේ සාමූහිකත්වයට එය විශාල බාධාවක් වුණා .
ලූලා නැති වලට කනයා පණ්ඩිතයා කියලා කියමනක් තිබෙනවා . දේශපාලනික වශයෙන් අතරමං වෙලා හිටපු සමහර කනයෝ මහ මැතිවරණයේදී අපිත් එක්ක එල්ලුනා . දැන් උන් පණ්ඩිතයො වෙලා .කුඹුරක් පැත්ත පලාතෙ ගියෙ නැති අය පොහොර ප්රශ්නය වෙලාවේ කුඹුරු ගානේ ගියා.
ආණ්ඩුව නියෝජනය කරනවා නම් සාමූහිකත්වය රැකිය යුතුයි . කොවිඩ් අර්බුදය හමුවේ රටේ යම් යම් ප්‍රශ්න ඇතිව තිබෙනවා . ඩොලර් හිගයත් එක්ක තෙල් අර්බුදයක් ඇති වෙලා විදුලි කප්පාදුවක් කරන්න වෙලා . මේ ප්‍රශ්න විවේචනය කරමින් ආණ්ඩුව තුළ ඉන්න අය පක්ෂ ප්රතිසංවිධාන කටයුතු කරනවා . අර්බුද ප්‍රයෝජනයට අරන් තමන් ගොඩ යන්න උත්සාහ කරනවා නම් ඒක වැරදියි . අඟේ ඉඳන් කන කනවා කියන්නේ මේවට . නමුත් ඒ අය දැනගත යුතුයි අපි මේක දැනගෙන තාමත් නිහඬව ඉන්නවා කියන කාරණය .
ෂේන් සෙනෙවිරත්න