හවස්වන විට දුම්රිය ධාවනය තවදුරටත් වැඩි කිරීමට අවධානය
මේ වනවිට දුම්රිය කීපයක් කොළඹ කොටුවට පැමිණෙමින් තිබෙන බවත් අද (10) සවස වන විට දුම්රිය ධාවනයේ වර්ධනයක් කර ගැනීමට බලාපොරොත්තු වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක දුම්රිය සමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා පවසයි.
මේ වන විට හලාවත දුම්රිය මාර්ගයේ දුම්රිය දෙකක් ධාවනය කර තිබෙන අතර ඉන් එක් දුම්රියක් කොළඹ කොටුවට පැමිණ ඇත.
මීට අමතරව මහනුවර, මහව, රඹුක්කන, මාතර ,ගාල්ල ,අනුරාධපුරය සහ අවිස්සාවෙල්ල සිට ද එක් දුම්රිය බැගින් කොළඹ කොටුව දක්වා පැමිණෙන බව පවසන ඒ මහතා උද්ගත වී ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා අද සවස් වන විට ධාවනය වන දුම්රිය ප්‍රමාණය තවදුරටත් වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බව වැඩිදුරටත් පැවසීය.

popular news
-
Ruwan Friday, 10 August 2018 12:39 PM
මෙන්න මේ විදියට තමයි ප්‍රශ්නවලට මුහුණ දිය යුත්තේ. දැන් වත් හමුදාවේ උගත් නිලධාරීන් 100-200 ක් පමණ දුම්රිය ධාවනය සඳහා පුහුණු කර මසකට වරක් ඔවුන්ට පෙරහුරුවක් දීම මෙවන් ප්‍රශ්නවලට දිගු කාලින විසඳුම් වේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

