බණ්ඩාරවල සිට වැලිමඩ දක්වා අද 10 රාත්රියේ දාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී ප්රවාහන බස් රථයක් වැලිමඩ ඩයරබා හන්දියට නුදුරු ස්ථානයකින් පාරෙන් ඉවතට පැන අඩි තිහක පමණ ප්රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් තව විසි දෙනෙකු පමණ රෝහල් වලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පවසයි.
තුවාලකරුවන් මිරහවත්ත ග්රාමීය රෝහලට, වැලිමඩ මූලික රෝහලට හා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය කියයි.
කුඩා දරුවෙකුගේ ඇතුළු තිදෙනෙකු බරපතල තුවාල ලැබීම හේතුවෙන් කඩිනමින් බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කර ඇති බවද පොලීසිය පවසයි.
හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර