හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලන්විට අක්කරසීය ලේමස්තොට මුරුතහින්න ආදී ප්‍රදේශවලට අද 23 සවස 6.46 ,6.47, විනාඩියේදී සුළු වූ කම්පන තත්ත්වයක් ඇති වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. මින් කිසිදු හානියක් සිදුවී නැති බවද එම මධ්‍යස්ථානය පැවසීය.
ඉතා සුළු වූ කම්පන තත්ත්වයක් බවට හඳුනාගෙන ඇති අතර එය පල්ලේ කැලේ හක්මන මහ කනදරාව අම්පාර යන භූ කම්පන මානවලට සංවේදී වී සටහන් වී නොමැති බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ.එම් එල් උදය කුමාර මහතා පැවසීය.
කෙසේ වෙතත් මෙම හදිසි භූ කම්පන තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කේ ඒ ජී ප්‍රියංගිකා මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.