හලාවතින් කොරෝනා ආසාදිතයින් සිවුදෙනෙක්
හලාවතත් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු හමුවි ඇති බව පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
මෙම ආසාදිතයින් පස් දෙනා හලාවත මත්ස්‍ය වෙළදපොළ ආශ්‍රීතව සිදුකර තිබු ජෛව පටල සාම්පල පරික්ෂාවකින් සනාථ වි ඇති බව සෞඛ්‍ය අංශ සනාථ කර ගෙන තිබේ.
මෙසේ හමුවු කොවිඩ් 19 ආසාදිතයින් සිවු දෙනා මැදවත්ත එක් අයකුද මුගුණවටවන එක් අයකු ලෙසත් හලාවත වැල්ල දෙදෙනෙකු ලෙසද වාර්තා වි ඇති බව කියයි.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය පවසන්නේ ජනතාවට කොතෙක් උපදෙස් දුන්නද අදාල සෞඛ්‍ය උපදෙස් පිළි නොගෙන කටයුතු කිරිම මෙම තත්ත්වයට හේතු වි ඇති බවයි.
හමුව ඇති ආසාදිතයින් සිවු දෙනා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවිමට කටයුතු කර තිබු අතර මොවුන් සමග ගැටුන ආශ්‍රීත පිරිස් හදුනා නිරෝධායනයට මේ වන විට හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් කටයුතු කරමින් සිටිති .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

