මේ වසර තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින් ලක්ෂ 10ක් ගෙන්වා ගැනිමට බලාපොරෙත්තු වන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඉන්දියාවේ අහමදාබාද්හි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.
මේ වන විට දිනකට සංචාරකයින් 2,000කට ආසන්න සංඛ්‍යාවක් රටට පැමිණෙමින් සිටින අතර එය 7,000ස දක්වා වැඩිකර ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ජූලි මස අවසන්වන විට ශ්‍රී ලංකාවට සංචාරකයන් හාර ලක්ෂ පනස්දහසට ආසන්න සංඛ්‍යාවක් පැමිණ තිබුණි.
මේ අතර ඉන්දියානු සංචාරකයින් සඳහා වැඩි අවස්ථාවක් ලබාදීම සඳහා යාපනය ගුවන්තොටුපළ හරහා ඉන්දියානු වන්දනාකරුවන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව සැලසීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.