කන්න රැස්වීම්වලදී ගන්නා ලද තීන්දු තීරණ අනුව වගා කටයුතු සිදුකිරීම නිසා මාතලේ දිස්ත්‍රික්කයේ වී වගාවට නියගයෙන් හානිසිදුව නැති බව පසුගිය 15 වෙනිදා පැවැති දිස්ත්‍රික් කෘෂීකර්මකමිටුවේදි අනාවරණය විය.
ගොවිජනපද කීපයක ජල ගැටළුව මතු වුවද ඒවා කළමනාකරණය කරගත හැකි මට්ටමේ පවතින බවද මෙහිදී නිලධාරින් පෙන්වාදුන්නේය. මේ වන මාතලේ දිස්ත්‍රික්කයට අයත් මිනිපේ ගොවිජනපද ව්‍යාපාරයේ 3 හා 4 පියවරයන්හි හා දේවහුව ඇතුළු ව්‍යාපාර රැසක වී අස්වනු නෙලීම අවසන් අදියරේ පවතින බවද මෙහිදී අනාවරණය විය.
දිවයිනට බලපා ඇති නියං තත්වය හේතුවෙන් විවිධ ප්‍රදේශවල වගා සිදුවුණත් මාතලේ දිස්ත්‍රික්කයේ ජලාශ භාර ඉංජිනේරුවන් හා නිලධාරින් බුද්ධිමත්ව ජල කළමනාකරණය කොට වගාහානි වලක්වාගැනීම සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය විසින් එම නිලධාරින්ට සිය කෘතඥතාවය පල කළාය.
මෙම අවස්වට සහභාගි වු ගොවි සංවිධාන නියෝජිතයන් පෙන්වා දුන්නේ අස්වනු නෙලීම ආරම්භ කොට ඇතත් පෞද්ගලික වෙළෙදුන් රු. 70ත් 90ත් අතර මිලකට මිලීද ගත්තද එම මුදල ප්‍රමාණවත් නොවන බවයි.
මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නිශාන්ත කරුණාතිලක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) රිස්මිනා රියාල්ඩීන් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් බී.එම්.සී.එච්. කුමාරිහාමි මහත්මිය ඇතුළු නිලධාරින් රැසක් සහභාගි වුහ.
මහේෂ් කිර්තතිරත්න