හෝමාගම හරිත සරසවියේ දෙවන අදියරේ ඉදිකිරීම් පරිශ්රයක ගබඩාවක් කඩා එහි තිබූ රුපියල් එක්ලක්ෂ අනූ අට දහසක් වටිනා භාණ්ඩ තොගයක් සොරාගත් පුද්ගලයකු හෙරොයින් ග්රෑම් විස්සක් සමග ඊයේ (17දා) අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම සුවපුබුදුගම ප්රදේශයේ පදිංචි (29) හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය කියයි .
මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර හෝමාගම පිටිපන මාහේන වත්ත ප්රදේශයේ පිහිටි හරිත සරසවියේ දෙවන අදියරේ ඉදිකිරීම් පරිශ්රයක ගබඩාවක් කඩා එහි තිබූ භාණ්ඩ තොගයක් මෙසේ සොරාගෙන ගොස් තිබුණි .
මෙම භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් එක්ලක්ෂ අනූ අට දහසකි.
පසුව මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකරමින් සිටියදී අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් හෝමාගම සුවපුබුදුගම ප්රදේශය හරහා යමින් සිටියදී සැකකටයුතු ලෙස රැදී සිටි පුද්ගලයකු නවතා පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ හෙරොයින් ග්රෑම් 20 තිබී හමුවීමත් සමඟ අත්අඩංගුවට ගෙන කළ වැඩිදුර ප්රශ්න කිරීමේදී මෙම සොරකමේ සුලමුල අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.
ඒ අනුව සොරාගත් භාණ්ඩ අතරින් කොටසක් සැකකරුගේ නිවසේ තිබී පොලිස් භාරයට ගත් අතර වෑල්ඩින් ප්ලාන්ට් එක රුපියල් 5000 උකස් කර තිබියදී සොයාගත් බව පොලීසිය පවසයි. සැකකරු සමඟ තවත් පුද්ගලයෙකු සොරකමට සම්බන්ධ වී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
අත්අඩංගුවට ගත් සැකකරු හෙරොයින් ජාවාරම හා සොරකම් සම්බන්ධයෙන් මීට පෙර බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් නිදහස්ව ආ පුද්ගලයකු බවද පැවසේ.
මත්තේගොඩ ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න