ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල සමග රජය ඇතිකර ගත් එකඟතා පිළිබඳ ලියවිල්ල පාර්ලිමේන්තු මන්ත්‍රි අචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදි ප්‍රදර්ශනය කළේය.
කෙසේ වෙතත් එහි ඇති කරුණු පාර්ලිමේන්තුවට සභාගත නොකරන බව ඔහු පැවැසීය. මෙම ලියවිල්ල තවමත් රජය විසින් නිල වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැත.
“මේ මම ගාව තියෙන්නේ ඔය කියන වාර්තාව. මේ තමයි අයි.එම්.එෆ්. කාර්ය මණ්ඩලය සමග එකග වුණ කාරණා ටික. ඒක අපි ගාව තියෙනවා. කොහොමද මේක ආවේ. මේක ආවේ පාර්ලිමේන්තුවෙන් නෙමෙයි. මේක ආවේ ජනාධිපතිවරයාගේ සමහර කමිටු වල නොයෙකුත් පුද්ගලයන්ට මේක දීලා තියෙනවා.
මම මේක සභාගත කරන්නේ නෑ. සභාගත කළෝතින් කියයි සංවේදී කාරණා එළියට ගියා කියලා. සීනි වංචාව වුණේ කොහොමසද? සංවේදී කාරණා එළියට ගියපු නිසා. සමහරු දැන ගත්තා රුපියල් 50ට තිබුණ බද්ද සත 25ට අඩු කරනවා කියලා.”
