හෙරොයින් ග්රෑම් 03ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වු ග්රැන්ඞ්පාස් ප්රදේශයේ පදිංචිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජීවිතාන්තය දක්වා වු බරපතළ වැඩ සහිත සිරදඬුවමක් අද (21) නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට ජීවිතාන්තය දක්වා වු බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ ග්රැන්ඞ්පාස් ප්රදේශයේ පදිංචි ආර්.ඒ. චතුරංග ප්රියදර්ශන නමැත්තාටය.
2017 ජනවාරි මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ග්රැන්ඞ්පාස් ප්රදේශයේදී හෙරොයින් ග්රෑම් 03.78 ක් ළඟ තබා ගැනීම යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී වලාන දිසා දුෂණ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක වජිර ධනපාල මහතාට ලැබුණු තොරතුරකට අනුව ග්රැන්ඞ්පාස් ප්රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ළඟ තබාගෙන, සිටි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව හෙළි විය.
විත්තිකරුට එරෙහිව නඟා ඇති සියලු චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති හෙයින් එම චෝදනාවන්ට ඔහු වරදකරු බව තීරණය කළ විනිසුරුවරයා ඔහුට ජීවීතාන්තය දක්වා වු බරපතළ වැඩ සහිත සිරදඬුවමක් විසින් නියම කළේය.