තමන් හරියටම වයස අවුරුදු හැටේදී දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තුවේ අසුනක් ලබාදිම වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයෙන් ඉවත් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසයි.වත්තල සමගි ජන බලය ප්‍රධාන කාර්යාලය 01දා විවෘත කරමින් පැවති උත්සව සභාව අමතමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදි වත්තල සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක ලෙස හරීන් ප්‍රනාන්දු මහතාව සජිත් ප්‍රේමදාස මහතා විසින් පත් කළේය. ඒම අවස්ථාවේදි හරීන් ප්‍රනාන්දු මහතා දිව්රුම් ප්‍රකාශයක් මගින් සජිත් ප්‍රේමදාස මහතාට දන්වා සිටියේ තමන් අවුරුදු 60දි දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවයි.
" මගේ පපුවේ ඔපරේෂන් එක කරලා හරියටම මාසයයි. වෛද්‍ය උපදේශය තමයි විවේකීව ඉන්න ඕනේ කියන එක. නමුත් ගම්පහ දිස්ත්‍රික්කයේ දිනමු වැඩ සටහන යන නිසා මම අද කාර්යාලය විවෘත කලා . කතෝලික අපි සාමාන්‍යයෙන් නොවැම්බර් මාසයේ මගුල් ගෙවල් තියන්නේ සතුටු වෙන්නේ නෑ.
නමුත් අද නොවැම්බර් 01දා සියළු සාන්තුවරයන්ගේ දිනය. මගේ කාර්යාලය අද විවෘත කරනවා. දෙවියන්වහන්සේ නැතිව මට මේ ගමන යන්න බෑ.මම අවුරුදු විසි අටෙන් දේශපාලනය ට ආවේ. මම අනිවාර්යයෙන්ම හැට වෙද්දී දේශපාලනයෙන් විශ්‍රාම ගන්නවා. ගමේ තරුණයන්ට ඉදිරියට එන්න අවශ්‍ය පාර හදනවා.
මම අද ප්‍රකාශ කරනවා මට තියෙන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්. මම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙනවා ඒ තැන රංජන් රාමනායකට දෙන්න ඕනේ. රංජන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි. රංජන්ට නිදහස දිය යුතුයි. වරදක් නොකරයි ඔහු අද හිරේ ඉන්නේ. දේශපාලනයේ මට ඕනේ අළුත් ගමනක් යන්න. මම ගම්පහ දිස්ත්‍රිකයට ආවේ බදුල්ලේ ජනතාව අමතක කරලා නෙමෙයි. මම බදුල්ලේ ජනතාවත් සමග ඉන්නවා.
පාස්කු ප්‍රහාර ප්රශ්නයේදී මම කාපු පරිප්පුව දන්නවා. මම කියපු දේ අද කාදිනල් තුමන් කියනවා. මේ පාස්කු ප්‍රහාරයේ ශාපය අද මේ ආණ්ඩුවට වැදිලා තියනවා"
