රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටින සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන. නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාට අත්අඩංගුවෙන් මිදී පලායාමට කුමන්ත්‍රණය සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.
වැඩ තහනම් කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත පොලිස් කොස්තාපල් 97386 ජි ජි එම් එල් සඳරුවන් නැමති කොස්තාපල්වරයාගේය.
2023 සැප්තැම්බර් 10 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටි නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැති සැකකරු පොලිස් කොස්තාපල් 97402 සන්ධිප නිලධාරියාගේ සහයෝගයෙන් එම දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරින් හට රසායනික ද්‍රවයක් ශරීර ගත ගත කර ආරක්ෂාවට සිටි එස් ටි එෆ් සෙබලාගේ ගිණිය අවිය උදුරාගෙන පලායාමට උත්සාහ කර තිබිණි.
එම සිද්ධියත් සමගම සන්ධිප නමැති එම කොස්තාපල්වරයා පලා ගොස් මාස හතරකට කාලයක් ආසන්නව ඇතත් මේ වන තෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන පැවැත්වීමේදී අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හරක් කටා සම්බන්ධයෙන් සිදුකළ සංවේදී විමර්ශන සටහන් ඇතුළු ලේඛන නිලධාරියාගේ පුද්ගලික ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කර එම ලේඛන හා විමර්ශන සටහන් බාහිර පාර්ශවයන් වෙත යොමු කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය විය
මෙම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් 2024 පෙබරවාරි 01 වෙනි ියේ සැකකාර පොලිස් නිලධාරියාගේ රාජකාරී වැඩ තහනමට ලක්කර ඇත. ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.