හය වසරේ දරුවන්ට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අහිමි වෙන්නේ නෑ
"මෙම වර්ෂයේ හය වසර දරුවන්ට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අහිමිවන්නේ නැහැ, ඒ නිසා භයවෙන්න එපා,කලබල වෙන්න එපා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි ක්‍රියාත්මක කරණවා" යැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ඊයේ (28) පස්වරුවේ දි ගාල්ලේදී පැවසුවාය.
ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස නොමැති පවුල් දෙසීය පනහක් සදහා නිවාස ආධාර පිරිනැමීමේ අවස්ථාවකට එක්වෙමින් අගමැතිවරිය මේ බව සදහන් කළාය.ගාල්ල හොල්ඩිගොල් ශාලාවේ දි පැවැති මෙම උත්සවය එක්වෙමින් ඇය මෙසේද කිවාය.
මේ අවුරුද්දේ හය වසර දරුවන්ට අපිට කියන්න තියෙන්නේ ඔබට මේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අහිමි වෙන්නේ නෑහැ. ඔබ කොහොමත් ඊට හිමිකරුවන් වෙනවා. එක නිශ්චිත කරගෙන ඔබ සමග ඒ සැලසුම පිළිබද සාකච්ඡාකරණවා ඒ නිසා භයවෙන්න එපා,කලබල වෙන්න එපා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි ක්‍රියාත්මක කරණවා.කාටවත් අසාධාරනයක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. නමුත් අපි මේක තහවුරුකරගෙන හරියට කරන්න ඕන. මෙක කඩාකප්පල්කරණ අයට උත්තර දෙන්න පුළුවන් සමාජයක් හදමින් තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනියන්නේ. මේ වසර තුල එක ක්‍රියාත්මක කරන්න පුළුවන්.
අධ්‍යාපනය හරියට ගොඩනඟන එක හරිම සංවේදී කාරණාවක් වන අතර එය නීවරදිවම කළයුතුවෙනවා. අධ්‍යාපනය කියන්නේ හරිම සංවේදී කාරණාවක්. පරිස්සමින් ඒක නිවැරදිවම අපි කරන්න ඕනෑ. අපි සැලසුම් කරගෙන ගියේ එක වසරත් හය වසරක් ආරම්භ කරන්න. නමුත් එක මොඩියුලර් එක තිබුණ ප්‍රශ්නයක් ඒක නිවැරදි විය යුතු දෙයක් අපි මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට පියවර ගන්නත් කටයුතු කරලා තියෙනවා නමුත් මේ සිද්ධියත් එක්ක ඇතිවුණු ව්‍යාකූල තත්ත්වය අපි හිතනවා මේ දැවැන්ත වැඩේට හානියක් එල්ල කළා හය වසරට දරුවන් ලක්ෂ දෙකක් දෙකහමාරක් ඇතුල් වෙනවා. දෙමාපියන් විශාල ප්‍රමාණයකට මේ ක්‍රියාවලිය ගැන විශ්වාසය තහවුරු විය යුතුයි. කිසිම කෙනෙකුට සැකයක් තියෙන්න බෑ මේ වැඩපිළිවෙලේ අන්තර්ගතය පිළිබඳව. ඒ සැකය දුරු කරන්නත් මේ ක්‍රියාවලිය පිළිබඳව තව තවත් සමාජය දැනුවත් කරලා මේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් දෙමාපියන් ගුරුවරුන් වෘත්තිකයින් , හදාගන්න තමයි අප මේ කාලය ගත්තේ.ඒ හරහා තවත් ශක්තිමත්ව කිසිම අයුරකින් මේ කරන්න යන ප්‍රතිසංස්කරණ වල අඩුවක් නොකර හය වසර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු 2027 වර්ෂයට කල්දැම්මා.
අපි පරිවර්තනීය ක්‍රියාවලියක් ආරම්භ කරලා තියෙන්නේ ඒකට අවශ්‍ය මානව සම්පත පාසල්වල යටිතල පහසුකම් හදන එක. විෂයමාලා සකස්කරණ එක පළමුවැනි වසරට මේ ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම 29 වැනිදින පටන් ගන්නවා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි ක්‍රියාත්මක කරනවා අපි හරියට මේක කරනවා.අපි අවිශ්වාසයක් නොතිබෙන ආකාරයෙන් මේ කටයුත්ත කරනවා.අතිශයින්ම පටු නපුරු අරමුණු එක්ක මේ විදියට මේක කඩාකප්පල් කරන කට්ටියට උත්තර දෙන්න පුළුවන් සමාජයක් හදමින් අපි මේක ඉස්සරහට ගෙනියනවා. යැයිද ඇය වැඩිදුරටත් සදහන් කළාය.
මෙහිදී නිවාස ඉදිකිරීම් අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ද අදහස් දැක්වු අතර මෙම අවස්ථාවට වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටි.බි සරත් ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිවරුන්වන නිශාන්ත සමරවිරි, නිශාන්ත පෙරේරා, ටි.කේ ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

