සිමෙන්ති පටවාගෙන ධාවනය වූ ලොරි රථයක් කොළඹ- රත්නපුර ප්රධාන මාර්ගයේ කුරුවිට- පැරඩයිස් ප්රදේශයේදී අද (17දා) අළුයම 2.00 ට පමණ පාරෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් යුද හමුදා සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව කුරුවිට පොලිසිය පවසයි.
මෙම රථන කොළඹ සිට හම්බන්තොටට සිමෙන්ති ප්රවාමහනය කරමින් තිබී ඇත. එය පුද්ගලික ලොරියක් වුවත්, යුද හමුදාව බදු පදනම මත ලබාගත් එකක් බව පොලිසිය පැවසුවේය. අනතුරට පත් ලොරිය පදවා ඇත්තේද යුද හමුදා රියදුරෙකු බව පොලිසිය වැඩිදුරටත් පැවසුවේය. අනතුර සිදුවන අවස්ථාවෙදී ලොරි රථයේ යුද හමුදා සෙබළුන් තිදෙනෙකු ගමන් කර තිබේ. රියදුරුට හා අනෙක් සෙබලාට සුළු තුවාල තිදුවී ඇ.. මියගිය සැරයන්වරයා රියදුරු අසුනට විරුද්ධ පැත්තේ ගමන් කොට ඇති බව පොලිසිය පවසයි. කුරුවිට පොලිසිය වැඩිදුර විමර්ශණ පවත්වති.