
යුධ හමුදා බුද්ධි අංශ විසින් ලබා දෙන ලද තොරතුරකට අනුව දෙසැම්බර් 08 වන දින අළුයම් කාලයේදී නීති විරෝධීව බීඩි කොළ කිලෝ 2600ක් පමණ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම නීති විරෝධි බීඩි කොළ තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරට ගෙන්වා ඇති බවට සැක කෙරෙන අතර හලාවත ප්රදේශයේ සිට මාවනැල්ල දක්වා ලොරි රථයක සූක්ෂමව සඟවා ප්රවාහනය කරමින් සිටියදී යුධ හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව මාස්පොත ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් බීඩි තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂයක් පමණ වන අතර මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති ලොරි රථය, සහ බීඩි තොගය සහ රියදුරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා වයඹ සුරාබදු ඒකක විශේෂ විමර්ශණ කොට්ඨාශය වෙත බාර දී තිබේ.