හමුදා නිලධාරියෙකු ගිනි අවියත් සමඟ අත්අඩංගුවට
ගිනි අවියක් යතුරුපැදියේ සඟවා ප්‍රවාහනය කරමින් සිටි රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සේවය කළ ගුවන් හමුදා නිලධාරියකු 2 අගුලාන බෝධිරුක්ඛාරාම පාර අසළදී අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි .
සැකකරු සමඟ ඉතාලියේ නිෂ්පාදිත මිලිමිටර් 8 වර්ගයේ ගිනි අවියක් ,ජංගම දුරකථන දෙකක් සහ ගිනි අවිය ප්‍රවාහනයට යොදා ගත් යතුරුපැදිය ද පොලිස් බාරයට ගෙන ඇත
අඟුලාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාරද ප්‍රනාන්දු නිලධාරියාට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ සිදුකළ පරීක්ෂාවේ දී වූ ප්‍රභූ යුතු පැදියේ අසුන යට ඉතා සූක්ෂම අයුරින් සඟවා තිබූ ගිනි අවිය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි .
මීට වසර 13 ට ඉහතදී ගුවන් හමුදා සේවයට බැඳී තිබූ සැකකාර නිලධාරියා පසුගිය වසරේ නොවැම්බර් 16 වැනි දින සිට සේවයට වාර්තා සේවයට වාර්තා කර නොමැති අතර ,නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වී නොමැති බවට තොරතුරු දැනගැනීමට ලැබී ඇතැයි පොලිසිය කියයි .
සැකකරු වල්ගම ලිපිනයේ ස්ථිර පදිංචිකරුවෙකු බවත් ,මේ වන විට රත්මලාන මිඩියල් පාරේ තාවකාලිකව පදිංචිව සිටින බවත් පොලිසිය කියයි
සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .
අගුලාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාරද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

