හම්බේගමුව පොලිස් වසමේ ගොමගල ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීම් දෙකක් සිදුකර ගංජා කිලෝග්‍රෑම් 1044 ග්‍රෑම් 180 ක් සමඟ සැකකරුවෙකු හා ගංජා ගස් 54096 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන හම්බෙගමුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. සැකකරුවන් අවුරුදු 30 සහ 38 වයස්වල පසුවන එතඹලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. හම්බෙගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි 7ක් පමණ වෙයි.
