හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් මෙරට දේශිය වෙළෙඳ පොළට මේ වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා වාහන 9151 ක් ගෙන්වා ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය කළමනාකාරිත්වය කියයි.
ඒ අනුව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ වාහන නිෂ්කාශන කටයුතු ප්‍රමාදයකින් තොරව මුදා හැරීම සඳහා කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරිමට පියවර රැසක් ද ගෙන ඇති බව වරාය කළමනාකාරිත්වය සඳහන් කර සිටී.
වාහන නිෂ්කාශන කටයුතුවලට වරායට පැමිණෙන ආනයන කරුවන්ගේ පැමිණිලි මත බාධා අඩු කර වේගවත් නිෂ්කාශන කටයුතු සිදු කිරිමෙන් කිසිදු ප්‍රමාදයකින් තොරව වාහන වරායෙන් පිටතට ගෙන යෑමට මෙමගින් පහසුකම් සලසා තිබේ. 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට මැයි මාසය දක්වා වරායට වාහන 9151 ක් මෙරට දේශිය වෙළෙඳ පොළ සඳහා පැමිණ ඇති අතර එම වාහන රට තුළට ඇතුළු කිරිමට අවශ්‍ය නීතිමය තත්ත්වයන් සැලකිල්ලට ගෙන කඩිනමින් කටයුතු කළද තව දුරටත් කඩිනම් කිරීම සඳහාත් සියලුම ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරිම සඳහාත් මෙම පියවර ගෙන ඇත.
වාහන ගාල් කර තැබීම සඳහා විධිමත් ලෙස සකස් කිරීමක් සිදු කර ඇති අතර සතියේ වැඩ කරන දිනවල හා සෙනසුරාදා දිනවලද පාරිභෝගික සේවා අංශය විවෘතව පවති.
අම්බලන්තොට සනත් ගමගේ