හම්බන්තොට වරායට නව බහාලුම් පරීක්ෂණ අංගනයක්
හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රය තුළ රැන්ක් කන්ටේනර් ටර්මිනල්ස් (පුද්ගලික) සමාගම (RCT) විසින් සංවර්ධනය කිරීමට නියමිත නව බහාලුම් පරීක්ෂණ අංගනයක් සඳහා මුල්ගල තැබීම අද (20) පෙරවරුවේ සිදුවිය.
ඉදිකෙරෙන නව මෙම පරීක්ෂණ අංගනය මගින් ඒ සඳහා නිලධාරීන් යොමුකරමින් රටේ භාණ්ඩ පරිභෝජනයට මෙන්ම කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හම්බන්තොට වරාය තුලින් ගෙන ඒම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම වේ.
දැනට කොළඹ වාරයේ ඇති තදබදය හේතුවෙන් බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලියේදී ප්රමධ්යන් මෙන්ම අමතර මුදලක් ගෙවීමට ආනයන කරුවන්ට සිදු වුවත් මෙම නව අංගනය ඉදිකිරීමෙන් පසු එම ගැටළුවදට විසදුමක්ද ලැබෙන අතර දකුණු හා නැගෙනහිර ඇතුළු පලාත්වල අනනයන කරුවන්ටද නිෂ්කාශන පහසුකම් හම්බන්තොට වරාය තුලින්ද ලැබෙනු ඇත.
මෙම උත්සව අස්වතාවට රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා හම්බන්තොට වරාය පුද්ගලික සමාගමේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරි Wilson Chu මහතා ප්රමුඛ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

