හම්බන්තොට රෝහලට ඇතුළත් කළ 56න් 45කට කොවිඩ් නෑ
- 26 03 2020
- 15:02
- {{hitsCtrl.values.hits}} views
- ..
හම්බන්තොට මහ රෝහලේ කොරෝනා විශේෂ ප්‍රතිකාර ඒකකයේ කොරෝනා සැකසහිත රෝගීහු 11 දෙනෙක් අද (26දා) ප්‍රතිකාර ලබමින් සිටින බව හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය සුරංඟ ඔබේසේකර මහතා කීය.
මෙතෙක් හම්බන්තොටින් කොරෝනා රෝගීන් වාර්තා වී නැති අතර ඉකුත් 17 දා සිට හම්බන්තොට මහ රෝහලේ කොරෝනා විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත වූ සැකසහිත රෝගීන් 56 දෙනා අතරින් රෝගින් 45 දෙනෙක්ම රෝගය වැළඳී නැතිහෙයින් නිවෙස් වලට බැහැරකිරීමට හැකි වූ අතර දැනට නේවාසිකව සිටින සැකසහිත රෝගින් 11 දෙනාගේද පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින බවද රෝහල් අධ්‍යක්ෂකවරයා කීය.
අම්බලන්තොට සනත් ගමගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
