හම්බන්තොට නියෝජ්‍ය නගරාධිපති අත්අඩංගුවට
බීමත්ව රියපැදවීමේ වරදට හම්බන්තොට මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා අම්බලන්තොට පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් විසින් ඊයේ (02) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස කටයුතු කරන ,අංක 77/3,මෝ විදිය,හම්බන්තොට ලිපිනයේ පදිංචි මොහොමඩ් බුහාරි මොහොමඩ් ෆාරුක් ( ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) නැමති අයයි.
අම්බලන්තොට පොලිසියේ රථ වාහන අංශයේ නිළධාරින් කණ්ඩායමක් අම්බලන්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් කිරළ කැලේ ප්‍රදේශයේ රථවාහන පරීක්ෂා කිරිමක නිරතව සිටියදී තංගල්ල දෙස සිට හම්බන්තොට දෙසට පැමිණි කැබ් රථයක් නවතා පරීක්ෂා කර තිබේ.
එහිදී අදාල කැබ් රථය පැදවූ රියදුරු අධික ලෙස බිමත්ව රිය පැදවිම හේතුවෙන් පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අම්බලන්තොට පොලිසියට ඉදිරිපත් කර තිබේ. පසුව අනාවරණය වී ඇත්තේ අදාළ රියදුරු හම්බන්තොට මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා බවයි. ඔහු හම්බන්තොට මහ නගර සභාවේ පාලන බලය හිමි සමගි ජන සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් බවයි. පසුව සැකකාර නියෝජ්‍ය නගරාධිපති වරයා පොලිස් ඇප මත මුදා හැර තිබේ.
සූරියවැව ණුවන් ජයසේකර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

