හම්බන්තොට දිස්ත්රීක්කයෙනුත් කොවිඩ් ආසාදිතයන් 2ක් හමුවෙයි
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පළමුවරට කොරෝනා ආසාධිත බවට තහවුරු වූ දෙදෙනකු අද (26දා) හමුවූ බව හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැඳිගේ මහත්මිය පැවසුවාය.
වැලිසර නාවික හමුදා කඳවුරේ සිට පැමිණි බව කියන මෙම නිලධාරීන් දෙදෙනා අම්බලන්තොට බැරගම සහ සූරියවැව ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත.
වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා හම්බන්තොට දිස්ත්‍රීක්කයට පැමිණි 37 දෙනකු සිටින අතර ඉන් 14 දෙනකු ඊයේ දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කර ඇති අතර ඉන් 9දෙනකුගේ පරීක්ෂණ වාර්තා අද දිනයේ පැමිණ ඇතැයිද ඉන් දෙදෙනකු කොරෝනා ආසාධිත බවට තහවුරු වී ඇතැයි වෛද්‍ය දීපිකා පටබැඳිගේ මහත්මිය කීවාය.
කොරෝනා ආසාධිත බවට තහවුරු වූ නිලධාරීන් දෙදෙනාගේ නිවෙස් නිරෝධායනයට ලක් කර ඇති අතර මෙම නිලධාරින් දෙදෙනා ඇසුරු කළ පුද්ගලයන් සෙවීමේ කටයුතු ආරම්භ කර ඇතැයිද ඇය වැඩිදුරටත් පැවසුවාය.
අනීෂා මානගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

