හම්බන්තොට දිස්ත්‍රික්කයේ කහ අස්වනු මිලට ගැනීමේ වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07දා) තංගල්ල පැරණි පොළ භූමියේදී සිදු කෙරිණි.
උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
කිලෝ ග්‍රෑම් 1ක් රු.165ක රජයේ සහතික මිලක් යටතේ කහ අස්වනු මිලට ගනිමින් ඒ සඳහා වූ මුදල් අග්‍රාමාත්‍යවරයා අතින් කහ ගොවීන් වෙත ප්රදානය කෙරිණි.
“ගොවියාට උපරිම මිලක් - පාරිභෝගිකයාට සහන මිලක්” තේමාවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ, කුළු බඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපතිනි කුමුදුනී ගුණසේකර මහත්ම මහත්මීහු ඇතුළු කහ ගොවීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.