හම්බන්තොටින් දෙහිවලට ගෙනා සීබ්රා මියයයි
දෙහිවල, ජාතික සත්වෝද්‍යානයට අයත් හම්බන්තොට සෆාරි උද්‍යානයේ සිටි සීබ්රා සත්වයෙකු අසනීප තත්වයෙන් දෙහිවලට ගෙනවිත් සිටියදී හදිසියේ 13 රාත්‍රිය මියගොස් ඇතැයි සත්වෝද්‍යාන ආරංචි මාර්ග කියා සිටී.
මෙම සත්වයා දෙහීවල සිට හම්බධාතොට සපාරී උද්‍යානයට රැගෙන ගොස් මහජන ප්‍රදර්ශණයට යොමුකර දීර්ඝ කාලයක් එහි ගත කරමින් සිටින අතර හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් සදහා එහි පශු වෛද්‍යවරු ප්‍රතිකාර කලත් අසනීප තත්වය උත්සන්නවී ඉකුත් 13 වන දින සිහිමද ගතියෙන් දෙහිවල සත්වෝද්‍යානයේ පශූ වෛද්‍ය වරුන්ගේ අධීක්ෂණය යටතේ විශේෂ ප්‍රතිකාර කිරීමට රැගෙන ඒමට කටයුතු කරනු ලැබ ඇත.
මේ අතර එදින රාත්‍රියේම අසනීප තත්ත්වය උත්සන්න වී එම සතාවයා මරණයට පත්වී ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශකයෙකු පැවසීය.
මේ අනුව එම සත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙනිය පශූ වෛද්‍යවරු ඇතුලු සත්වෝද්‍යානය වෛද්‍ය කණාඩායම සමග දෙහිවල පශූ වෛද්‍ය අංශයේදී සිදු කිරීමට නියමිතව තිබිණි.


ඒච්.ඒම්. ධර්මපාල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

