හම්බන්තොටට මෙගාවොට් පහක විදුලිය ගබඩා කිරීමේ පද්ධතියක්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හදිසි විදුලිය බිඳ වැටීම්වලදී විදුලි අවශ්‍යතාව උපරිම අවස්ථාවලදි අඛණ්ඩ විදුලි සැපයුම සහතික කිරීම වෙනුවෙන් විදුලිය ගබඩා කර තබා ගැනීමේ පද්ධතියක් ඉදිරිපත් කිරීමට අදාළව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
හම්බන්තොට වරායත් , හම්බන්තොට කාර්මික සංවර්ධන කලාපත් ආශ්‍රිතව විදුලිය බිඳ වැටීම හේතුවෙන් සිදුවිය හැකි නිෂ්පාදන, හුවමාරුව වැනි ආර්ථික ක්‍රියාවන්ට සිදුවිය හැකි බලපෑම වළක්වා ගැනීම වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
මේ අනුව කොරියානු ජනරජය හා ශ්‍රී ලංකාව අතර අත්සන් කර ඇති ප්‍රධාන රාමුගත සම්මුතිය යටතේ හම්බන්තොට ජාල උපපොළ ආශ්‍රිතව මෙගාවොට් පහක ධාරිතාවයකින් යුත් විදුලිය ගබඩා කිරීමේ පද්ධතියක් ඉදිකිරීම වෙනුවෙන් කොරියානු වොන් බිලියන 18.3ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 11.9) ක් ලබාදීමට කොරියානු රජය ඒකඟතාව ප්‍රකාශ කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
