හම්බන්තොට ක්‍රීඩාංගණයේ දැන් වන අලි ක්‍රිකට් පුරුදු වෙනවා - අගමැති
හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මේ වන විට වන අලින් ක්‍රිකට් පුහුණු වෙනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. හම්බන්තොටදී ඊයේ පැවැති උත්සවයකදී ඔහු මේ බව පැවැසීය.
“ඔවුන් හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කලා.දැන් එහි වල් අලින් හෝ ක්‍රිකට් පුරුදු වනවා ඇති. හම්බන්තොට සම්මන්ත්රණ ශාලාවක්ද ඉදි කලා.මේ සඳහා වියදම් වූ මුදල් ගෙවීමට තිබෙන්නේ අපටයි.”
එසේම නිවාස අමාත්‍යවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්කරන විට ඔහුට වැඩ කිරීමට හැකිදැයි අතැමුන් තමන්ගෙන් විමසා සිටි බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
“පියා වැඩකටයුතු කළ ආකාරයටම සජිත් ප්‍රේමදාස ඇමතිතුමාටත් වැඩ කළ හැකි දැයි එතුමාට නිවාස අමාත්‍යාංශය භාර දීමේදී ඇතැමුන් මගෙන් විමසුවා. මා ගත් තීරණය සාර්ථක බව අද එතුමා ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා.”

popular news
-
Champa Tuesday, 25 September 2018 11:49 PM
ඇත්ත ඇත්ත කැලේ ඉන්න ඕනේ අලි මහින්ද පැරදුනාට පස්සේ අරලිය ගහ මන්දිරේටත් ආව.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

