හම්බන්තොටදි කැබ් රථයකට වෙඩි ප්රහාරයක්
හම්බන්තොට ගොන්නොරුව මාර්ගයේ 06 කණුව ප්රදේශයේ දී ඊයේ (4) දින රාත්රී 8.30 පමණ කැබ් රථයකට වෙඩි තැබූ පුද්ගලයෙකු එම කැබ් රථයේ රියදුරු විසින්ම අල්ලා හම්බන්තොට මුලස්ථාන පොලීසියට භාර දීමට කටයුතු කළ බව හම්බන්තොට මුලස්ථාන පොලීසිය පවසයි .
කැබ් රථයට වෙඩි තැබූ අදාළ සැකකාර පුද්ගලයා ස්කුටර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණ කැබ් රථයේ ගමන්ගත් පිරිසට මෙරට නිෂ්පාදිත ගිනිඅවියකින් වෙඩි තබා ඇති අතර වෙඩි පහර වැදි ඇත්තේ කැබ් රථයේ බද ප්රදේශයට වේ .
එමෙන්ම මෙම වෙඩි ප්රහාරයට ලක්වූ කැබ් රථයේ ගමන්ගත් අය හම්බන්තොට ගොන්නොරුව ප්රදේශයේම පදිංචි පුද්ගලයෙකු වන අතර ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් තවත් අයෙකු විසින් ලබා දුන් කොන්ත්රාත්තුවකට අනුව මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ .
කෙසේ නමුත් මේ වන විට හම්බන්තොට මුලස්ථාන පොලීසිය මගින් මෙම වෙඩි තබිබේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ .
හම්බන්තොට - රාහුල් සමන්ත

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

