හබරාදුව, හිනටිගල ගිනිගල මාර්ගයේ ( විකිරවත්ත) ත්රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාදුනන යතුරු පැදිකරුවෙක් කළ වෙඩි තැබීමකින් ත්රි රෝද රථයේ ගමන් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (24දා) උදැසන 7.30 ට පමණ සිද්ධිය වි තිබේ. වෙඩි වැදිමෙන් මියගොස් ඇත්තේ 38 හැවිරිදී හිනටිගල ප්රදේශයේ පුද්ගලයෙක් බව පොලිසිය පවසයි.
අද (24) උදැසන ත්රි රෝද රථයකින් තම දරුවන් පාසලට ඇරලවා නැවත නිවාස බලා එමින් සිටියදී මෙම වෙඩි දැමිම සිදු වි තිබේ. වෙඩි තැබිමෙන් එහි ගමන් ගත් කාන්තාවකට ද තුවාල සිදුව තිබේ.
වෙඩි වැදුණු කන්තාව කරාපිටිය රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරික්ෂන පවත්වයි.
අනුර ප්රියන්ත
