හබරණ හිරිවඩුන්න තුන්බි කුලම රක්ෂිතයේ වන ඇතින්නියන් අස්වාභාවික ලෙස මිය යෑම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති සහ අගමැතිවරයා විෂය භාර ඇමතිවරයා සමග හෙට (01) දින පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව වනජීවී සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පැවසීය.
හබරණ ප්‍රදේශයේ වනඅලින් මිය යෑම සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිර යෑම සහ එහි පරීක්ෂණ තත්ත්වයන් පිළිබඳව දීර්ඝ වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානයට යොමු කරවීම මෙන්ම රටේ අලි මිනිස් ගැටුම සීමා කිරීම සඳහා විවිධ අදහස් මෙහිදී යෝජනා ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
විශේෂයෙන් මෙම ව්‍යසනය සිදුව තිබෙන අවස්ථාවක වනජීවී අධ්යක්ෂ ජනරාල් වරයාගේ සිට කිසිදු නිලධාරිවරයෙකු රජය දැනුවත් නොකිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ඇතින්නියන් මිය යෑම සම්බන්ධයෙන් සමාජය පුරා පැතිර යන විවිධ කටකතාවක් ඔස්සේ ජනතාව නොමඟ යවන බවත් මේ සම්බන්ධයෙන් තමන් එම ස්ථානයට ගොස් සොයා බලා කටයුතු කළ බවද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් රජය වගකීම භාර ගන්නා බව තමන් සිදු කළ ප්‍රකාශයේ අරමුණ වූයේ විදුලි වැටවල් ක්‍රියාත්මක නොවීම වනඅලි සහ ජනතාව අතර පවතින ගැටලුවට විසඳුම් සොයා ගැනීමට අපොහොසත් වීම නිසා මෙවැනි සිදුවිම් වල රජයක් ලෙස එහි වගකීම භාර ගත යුතු බවය.
කෙසේ වෙතත් එම ප්‍රකාශ විකෘති කරමින් ප්‍රතිවාදි දේශපාලන සංවිධාන විවිධ මත ප්‍රකාශ කරමින් සිටින බවද රංජිත් අලුවිහාරේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
