අනුරාධපුර මහබුලංකුලම ප්රදේශයේ ගොවීන් පවසන්නේ, හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් අක්කර දෙසීයක් පමණ වූ වගාව සම්පූර්ණයෙන්ම විනාශවීමේ අවදානමකට ලක්ව ඇති බවයි.
ගොයම් පූදින මට්ටමට පැමිණි තුරු ඉතා හොඳ තත්ත්වයේ තිබූ අතර, පසුව ගොයම් ගස් සුදු වර්ණයට පත්ව, වී කරල් බොල්වීමේ තත්ත්වයට පත්වී ඇති බවත් ගොවීහු පෙන්වා දුන්හ.
කීඩෑ හා පුරුක් පනු රෝග හෝ දිලීර රෝගයක් යැයි සිතා විවිධ කෘමිනාශක භාවිතා කළ ද කිසිදු ප්රතිඵලක් නොලැබුණු බවද ඔවුන් ගොවීහු පැවසූහ.
මහබුලංකුලම වැව යටතේ වගා කළ මහවෙල සහ දංගස්ස ප්රදේශවල අක්කර දෙසීයකට වැඩි ප්රමාණයක කුඹුරු විනාශ වීමට පටන් ගෙන ඇතැයිද ඔවුන් සඳහන් කළහ.
ඉහත හඳුනා නොගත් රෝගය හේතුවෙන් අක්කරයකින් වී බුසල් විසි පහක්වත් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වීම නිසා රජයෙන් සාධාරණ වන්දි මුදලක් ලබා ගැනීම සඳහා ඉල්ලීම් කරන බවද ඔවුන් සඳහන් කරති.


