මේ වනවිට රට ස්ථාවර මට්ටමක තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා ඒ අනුව හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී අද (16) පස්වරුවේ පැවැති "විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනය - 2022" සම්මාන උළෙල අමතමිනි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන, අධිකරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, හිටපු ඇමති ජෝන් අමරතුංග, විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනයේ සභාපති දුලිත පෙරේරා, ප්‍රධාන ලේකම් උපාලි ජයවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.