ශ්‍රී ලංකාව තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල්වල සිය බලවත් අවධානය ශ්‍රී ලංකාව වෙත යෙමුකර තිබේ. එම රටවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ සිටින තානාපතිවරු හා මහ කොමසාරිස්වරු කිහිප දෙදෙකුම මේ වන විට සිය ට්විටර් ගිණුම් හරහා නිවේදන නිකුත් කර තිබේ.
ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය පවසන්නේ සමාකාමී පුරවැසියන්ගේ හඬට ඇහුම්කන් දිය යුතු බවත් ලාකිකයන් මුහුණ දෙන සැබෑ අභියෝග සඳහා රට නැවත සමෘද්ධිය සහ සියලු දෙනාටම අවස්ථාව කරා යන මාවතකට යොමු කිරීම සඳහා දිගුකාලීන විසඳුම් අවශ්‍ය බවයි. හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම එයට උපකාරයක් නොවන බව ඇය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැක්කිනොන් සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරන්නේ පසුගිය සති කිහිපය තුළ, ලංකාව පුරා පැවති පෙළපාලිවලට සාමකාමී අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය භුක්ති විඳින පුරවැසියන් විශාල වශයෙන් සම්බන්ධ වී ඇති බවයි. එය රටේ ප්රජාතන්ත්රවාදයට ගෞරවයක් වන තතත්වයක් තුළ හදිසි තත්වයක් ප්‍රකාශ කිරීම අවශ්‍ය වන්නේ මන්දැයි තේරුම් ගැනීමට අපහසු බවයි.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් අභියෝග විසඳීම සඳහා ප්රජාතන්ත්රවාදී සහ සාමකාමී ප්‍රවේශයක් අත්‍යවශ්‍ය බවයි. සියලු මූලික අයිතිවාසිකම් සමඟ සාමකාමී විරෝධතා සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කළ යුත බවත් එම අයිතිවාසිකම් සීමා කරන හදිසි නීතිය ප්රජාතන්ත්රවාදී සංවාදයට සහ විසඳුම්වලට එරෙහිව ක්‍රියා කරන බවද ඇය සඳහන් කරයි.