හත් කෝටි පනස් ලක්ෂයක කුෂ් කටුනායකින් අල්ලයි
රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ඒවා එහි පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති '' හරිත මාවත " ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ , ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 06/19 දින පෙරවරුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු කොළඹ , දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරුවරයෙකි. ඔහු 06/19 දින පෙරවරු 09.35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් බෑගය තුළ, සුළං නොවදින ලෙස අසුරා සකස් කළ පැකැට් 12 ක් තුළ මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07 ග්‍රෑම් 500 ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි .
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය , කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

