හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ ගිණුම් අංශයේ සේවය කරමින් රුපියල් එක් කෝටි හතළිස්පන් ලක්ෂයක මූල්‍ය වංචාවක්සිදු කළ බව කියන නිලධාරියකු සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාස මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කොට තිබේ.
මෙම සේවකයා 2005 වසරේ සිට 2016 වසර දක්වාඑම කාර්යාලයේ සේවය කරමින් සිටියදී මෙම වංචාව සිදු කොට ඇති බව විගණන වාර්තාවලින් අනාවරණය වී තිබූ අතර අදාළ නිලධාරියා ඒ සම්බන්ධයෙන් වරද පිළිගෙන රුපියල් එක්කෝටි පන් ලක්ෂයක මුදලක් යළි අධ්‍යාපන කාර්යාලයට ගෙවීමට ද පියවර ගෙන තිබුණි .
පසුගිය ජනවාරි මස මෙම මූල්‍ය වංචාව පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් හඳුනාගැනීමෙන් පසු මහනුවර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණත් වංචාව රුපියල් කෝටිය ඉක්මවා තිබුණ බැවින් එම පැමිණිල්ල අපරාධ පරීක්ෂණදෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවටඅදාළ නිලධාරීන්ට පොලිසිය උපදෙස් ලබා දී තිබුණි.
ඒ අනුව අදාළ පැමිණිල්ල මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක වරයාවිසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටඉදිරිපත් කිරීමෙන් අනතුරුවහඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ පරිගණක සියල්ලම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.
ගුරුවරුන්ගේ දේපොල ණය වාරික බැංකු ගත කිරීමේදී සැකකරු මෙම වංචාව සිදුකර ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබේ. සැකකරුගේ බිරිඳ ඇතුළු හිතවත් කිහිප දෙනෙකුගේ නම් වලින් විවෘත කළ ගිණුමට මුදල් බැර කර වසර ගණනාවක් තිස්සේම මෙම වංචාව සිදු කොටඇති බවටකරුණු අනාවරණය වී තිබේ.
ෂේන් සෙනෙවිරත්න