දිට්වා සුලි කුණාටුවත් සමග නායයෑමේ අවධානමක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ නුවරඑලිය හග්ගල උද්භිත උද්‍යානය (25) දින පස්වරුවේ සිට යලිත් සංචාරකයන් සදහා විවෘත කර ඇත.
උද්භිත උද්‍යානයට පහළින් නුවරඑලිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ කොටසක් නායයෑමේ අවධානමක් පවතින නිසා එම ස්ථානයෙන් රථ වාහන ගමනා ගමනය එක් මන්තීරුවකට සිමා කර ඇත.
උද්භිත උද්‍යානය යලිත් යථෘ තත්වයට පත් කර ඇති නිසාත්, මේ දිනවල නුවරඑලිය සංචාරය සදහා නුවරඑලියේ යහපත් කාලගුණ තත්වයක් පවතින නිසා උද්භිත උද්‍යානය නැරඹීමට පැමිණෙන ලෙසයි එම උද්‍යානයේ භාරකරුවන් කියා සිටින්නේ.


