2026.10.17 වන දින සවස කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව කිරිඳිවැල පොලිස් වසමේ හංවැල්ල පාර ප්රදේශයේ පිහිටි සිනමා හලක් පරීක්ෂාකර පහත ගිනි අවි, පතොරොම් සහ අත්බෝම්බ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
• විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවි 02
• රිවෝල්වර් අවි 01
• විදෙස් රටක නිෂ්පාදිත රිපීටර් අවි 01
• විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 අවි 01
• බෝර 12 ජිව පතොරොම් 398
• බෝර 16 ජීව පතොරොම් 35
• මිලිමීටර් 09 වර්ගයේ ජීව පතොරොම් 278
• පොයින්ට් 32 අවියට යොදන ජීව පතොරොම් 49
• පොයින්ට් 22 අවියට යොදන ජීව පතොරොම් 3083
• ජීව අත්බෝම්බ 02
සැකකරු වයස අවුරුදු 38 ක් වන මිල්ලතේ ප්රදේශයේ පදිංචිකරුවෙකි. කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.