හංවැල්ල හරස් පාර ආපන ආපනශාලාවක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකුට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 46ක පුද්ගලයෙකි.
යතුරු පැදියකින් ආ දෙදෙනකු ආපන ශාලාව තුළදීම මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර බරපතල තුවාල සහිතව ඔහු පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. හංවැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.