සෞදියේ සිට මෙරට සංචාරයකට පැමිණි යුවළකට බෙන්තොට ප්‍ර දේශයේදී සිදුකළා යැයි කියන පහරදීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අවධානය යොමුව ඇති බවත් අදාළ සිදුවීමට සම්බන්ධ සියලු දෙනාට දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අදාළ අංශවෙතට උපදෙස් දුන් බව සංචාරක හා ඉඩම් අමාත්‍ය කාර්යාලය පවසයි.
මෙම සිදුවීමට සංචාරක මග පෙන්වන්නන් ලෙස කටයුතු කරන පිරිසක් සම්බන්ධ බවට වාර්තා වී ඇති බවත් ඒ් පිළිබඳව පරීක්ෂණ නිමවනතුරු ඔවුන්ගේ වැඩ තහනම් කිරිමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් තී තිබේ.
මෙවැනි සිදුවීම් වලින් මේ වන විට හිස ඔසවමින් සිටින සංචාරක කර්මාන්තය මෙන්ම රටත් දැඩි අගතියකට පත්වන බවත් ඒ්වා මුලිනුපුටා දැමීමට ගත හැකි සියලු පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.