සෞදියේ ඉංජිනේරු තාක්ෂණ රැකියාවලට යනවනම් ලියාපදිචි වෙන්න
සෞදි අරාබි රාජ්‍යයේ ඉදිරියේදී ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා අවස්ථා රාශියක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි..
නුදුරේදීම ආරම්භ කිරීමට නියමිත මෙම ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ශ්‍රි ලාංකික වෘත්තිකයින්ට රැකියා අවස්ථා ලබාගැනීම සඳහා සාකච්ඡා කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ දිනවල සෞදි අරාබියේ නිල සංචාරයක නිරතවෙමින් සිටියි.
සෞදි අරාබියේ ඉදිකිරීම් වැඩබිම්වල ඉංජිනේරු හා තාක්ෂණ ක්ෂේත්රයේ රැකියා සඳහා විදේශ ගතවන්නේ නම් විදේශ ගත වීමට පෙර එරට ඉංජිනේරු කවුන්සිලයේ ලියාපදිංචි වී සිටීම අනිවාර්ය බව ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි අරාබියානු තානාපති කාර්යාලය විසින් නිවේදනය කර ඇත.
මෙම රැකියා සඳහා යාමට බලාපොරොත්තු වන ඉංජිනේරු හා තාක්ෂණ ක්ෂේත්රයේ සුදුසුකම් ලත් පුද්ගලයින් වේ නම් පහත සඳහන් කර ඇති වෙබ් අඩවියට පිවිස එහි ලියාපදිංචි වීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.
popular news
-
saman Tuesday, 15 November 2022 07:52 AM
mehi liyapadinchi wimata saudi visa thibiya yuthu athara liyapadinchi gasthuwa LKR73000.00ki
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
