සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.
ප්‍රකාශයක් ලබාදීම සඳහා චන්ද්‍රගුප්ත මහතා අද (18) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළේය.