සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවතනයකට
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරීම සදහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අදාළව විශේෂ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යා නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් එම අමත්යංශදී පැවැත්විණි.
නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි වසර දහය සදහා ක්‍රියාත්මක කිරීමට නියමිතජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට සරිලන ආකාරයට ඩිජිටල් පරිවතනය ලක්කිරීමේ හැකියාව පිළිබදවත් ඒ සඳහා අනුගමනය කළ යුතු කෙටිකාලීන සහ දිගු කාළින ක්‍රමවේදයන් පිළිබඳවත් ඉතා පුළුල්ව විමසා බලන ලද බව අමාත්‍යවරයා පැවසීය.
ඩිජිටල්කරණය සදහා උපාය මාර්ගික රාමුවක් ස්ථාපිත කිරීම, ඩිජිටල් මාධ්‍ය හරහා සෞඛ්‍ය ආරක්ෂණ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, ඒ සඳහා පාත්යන්තර සහාය ඇතිව ප්‍රධාන ව්‍යාපෘති අනුගත කර ක්‍රියාත්මක කිරීම, ඩිජිටල් පරිවර්ථනය සඳහා ප්‍රධාන සංකල්ප සහ අවශ්‍යතා, මෙහෙයුම් කමිටු සංකල්ප, කෙටුම්පත් සංකල්ප සහ අපේක්ෂිත ප්‍රතිඵල පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සැලසුම් සකස් කිරීමට අදාළව සාකච්ජා සිදුවූ බව වැඩි දුරටත් පැවසීය.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

