සෞඛ්‍ය අමාත්‍යවරයා එකගවූ ඉල්ලීම් පිළිබද ගනු ලැබූ ක්‍රියාමාර්ග කිසිවක් පිළිබදව මේ වනතෙක් තම සම්මේලනය දැනුවත් කර නොමැති බවත් ඒ අනුව සෞඛ්‍ය වෘත්තීයවේදීන් තාවකාලිකව අත්හිටුවූ වෘත්තීය ක්‍රියාමාර්ගය යළිත් මාර්තු 02 දා හා 03 දා සියලු රෝහල්වලදී ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.
තවද වැටුප් විෂමතාවය සහා අතිකාල හා නිදර්ශක දීමනා ගැටලුව පිළිබදව ජනධිපතිරයාගේ මැදිහත්වීම ඉතා අත්‍යාවශ්‍යව අපවතින අතර, ඉතා පහසුවෙන් විසදිය හැකි පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවාවන් සදහා අධ්‍යක්ෂක තනතුරු දෙකක් නිර්මාණය කිරීම පිළිබදවත්, අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති 5/7 උසස්වීම් සදහා මෙතෙක් චක්‍රලේඛයක් නිකුත් නොකිරීම මගින්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වලක්වා ගැනීම සදහා සද්භාවයෙන් යුතුව කටයුතු කර නොමැති බවත් එම සම්මේලනය පවසයි.
අත්‍යවශ්‍ය ප්‍රතිකාර පිළිබදව සැලකිල්ලට ගනිමින් සියළු ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල් ද, බෝවන රෝග විද්‍යාතනය, අංගොඩ, මානසික සෞඛ්‍ය විද්‍යාතනය, අංගොඩ, මධ්‍යම ලේ බැංකුව තුල මෙම වර්ජනය ක්‍රියාත්මක නොකිරීමටද ඔවුන් තීරණයකොට ඇත.
කෙසේ නමුත් උක්ත දින දෙක තුලදීත් සාධාරණ විසදුමකට ඒමට අපොහොසත් වුව හොත් මාර්තු 10 වෙනිදායින් පසුව එළඹෙන ඕනෑම තිඅනයකදී නැවත නොදන්වා අඛණ්ඩ අත්හිටවු අඛණ්ඩ වර්ජනය යලි ඇරඹීමටද සම්මේලනයේ විධායක සභාව ඒකමතිකව තීරණය කොට ඇතැයි රවී කුමුදේශ් මහතා පවසයි.
වර්ජනයට අදාල ප්‍රධාන ඉල්ලීම්
1. ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවට ගැලපෙන පරිදි පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය සේවාවන්හී වැටුප් විෂමතාවය ඉවත් කිරීම.
2. අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති පරිදි 5/7 උසස්වීම් සදහා චක්‍රලේඛය නිකුත් කිරීම හා එය පෙර දාතම කිරීම
3. පරිපූරක වෛද්‍ය, අතුරු වෛද්‍ය හා හෙද සේවා සදහා අධ්‍යක්ෂක තනතුරු සහ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් තනතුරු ඇති කිරීම
4. අතිකාල හා වසර 23කින් වැඩි නොකල නිදර්ශක දීමනා පිළිබද වැඩි කිරීම සදහා එකගවූ පරිදි කටයුතු කිරීම
