සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයේ අතපසුවීමක් වුණාදැයි සොයනවා
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් බ්‍රැන්ඩික්ස් සියලුම කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් රජය විසින් නිර්දේශ කර ඇති සියලු ම නිරෝධායන පිළිවෙත් අනුගමනය කර ඇති බව සාක්ෂි සහිතව අවධාරණය කරන බව බ්‍රැන්ඩික්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජුනි මස 25, අගෝස්තු මස 8 සහ සැප්තැම්බර් මස 22 වනදා ඉන්දියාවේ විශාකාපට්නම්හි සිට මෙරටට ගෙන්වා ගත් ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 341 දෙනා, PCR පරීක්ෂණ සහ දින 14 ක අනිවාර්ය නිරෝධායනය ඇතුළු රජයේ නිර්දේශිත සියලු නිරෝධායන පිළිවෙත් අනුගමනය කළ අතර බවත් මහජන පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ තවත් දින 14 ක් ස්වයං-නිරෝධායනයට ද ලක් කෙරුණු බවත් සමාගම පවසයි.
එසේම පසුගිය මාස දෙකක කාලය තුළ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවට ඉන්දියාවේ සිට පැමිණි කිසිවෙකු ඇතුළු නොවූ බවත්, එම කර්මාන්තශාලාව ඉන්දියාවෙන් කිසිඳු ඇණවුමක් බාර නොගත් බවත්, එහි නිෂ්පාදන කටයුතු සඳහා ඉන්දියාවේ රෙදි-පිළි භාවිත නොකරන බවත් සමාගම පවසයි.
සමාගම තුළ, COVID-19 වෛරසය ව්‍යාප්ත වීම වලක්වා ගැනීම සඳහා රජය විසින් නිර්දේශ කර ඇති සෞඛ්‍ය සහ ආරක්ෂණ පිළිවෙත් දිගින්-දිගටම ක්‍රියාත්මක කළ බවත් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අදාළ බලධාරීන් සමග මේවන විට සමාගමද සහයෝගය ලබා දෙමින් සිටින බවත් එම නිවේදනයේ දැක්වෙයි.
සෞඛ්‍ය බලධාරීන්ට අමතරව සිය සමාගමද සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයේ යම් අතපසුවීමක් සිදුවී තිබේද යන්න දැඩි පරික්ෂාවට ලක්කරමින් සිටින බවත් එම පරීක්ෂණ මගින් ලබාගන්නා නිගමන රටට හෙළි කිරීමටත්, එවැනි යම් අතපසුවීමක් සිදුවී තිබේ නම් ඒ පිළිබඳ සුදුසු ක්‍රියාමාර්ග අනුමගනය කිරීමටත් බැඳී සිටින බව ඔවුන් පවසයි.



popular news
-
Janahitha Monday, 12 October 2020 09:54 AM
mulu ratakma anathure damu brandix ayathanaye mugda palakayange mavani athishayokthi danvim palakirimen valakina lesa ada kathu thumagen illa sitimi hethuva nam api ada samada kiyyavimata avashya vana nisaya palanayen gilihi indyave men jeevitha hani siduuna hoth deasapalanaya pasekala janthava nuduredi dadiva ovunta ereheva nagi sitinu atha
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

