සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්ත ණය ගෙවීමට වග කිවයුත්තෙක් නෑ. මාව විශ්වාස කරන්න කියන ජනාධිපතිතුමාගෙන් අපි අහනවා, ඔබ පත් කරපු සමහර නිළධාරීන් වැඩේ හරියටම කරනවා කියලා ඔබ තවම විශ්වාස කරනවද කියලා. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
ඔහු තව දුරටත් මෙසේ පැවසීය.
බිලියන 10ක් ණය ගෙවන්න තියනවා. අඩු ගානේ උත්තර දෙන්න කෙනෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නැහැ
මේ හේතුවෙන් රසායනාගාර පරීක්ෂණ, CT, MRI ස්කෑන් පරීක්ෂණ, අත්‍යවශ්‍ය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර, කුඩා දරුවන්ගේ ඔක්සිජන් සැපයුම සදහා භාවිත කරනු ලබන විශේෂිත වෙන්ටිලේටට් යන්ත්‍ර අතුළු සියළු වෙන්ටිලේටර් යන්ත්‍ර සදහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය සහ සේවාවන් සපයා ගැනීම අර්බුධයට ලක්ව තිබේ.
බොහෝ සමාගම්වල දැරිය හැකි ණය සීමාව ඉක්මවා ඇති බැවින්, තවදුරටත් සැපයුම් කිරීම අත් හිටුවීමට හෝ නොඑසේනම් සමාගම් වසා දැමෙන තත්වයට පත්ව තිබේ.
මෙය සාමානය තත්වයක් නොවන අතර, ණය නොගෙවීම නිසා නැතිවන සේවාවන් එක්ක සෞඛ්‍ය සේවාව පවත්වා ගැනීමට නොහැකි තත්වයකට පත් විය හැකියි. මේක වෙනත් පෝලිම් වගේ සරලව විසදා ගන්න බැහැ. මේ පෝලිමේ ප්‍රමාදය අපහසුතාවයකින් නවතින්නේ නැහැ. එය මරණය තීරණය වීම දක්වා හේතුවිය හැකි අඩුපාඩුවක්.
