සෞඛ්‍ය අමාත්‍යංශය අලුත් තැනකට
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහල් 16 කින් යුතු නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ පළමු අදියර ඉදිකිරීම් මෙම වර්ෂයේ නොවැම්බර් මස අවසන් වීමට පෙර නිමකර සෞඛ්‍ය අමාත්‍යාංශය කුලී පදනම මත ලබා ගෙන දැනට පවත්වා ගෙන යනු ලබන කාර්යාල සියල්ල නව ගොඩනැගිලේ ප්‍රථම අදියර යටතේ ඉදිකිරීම් නිමාවන පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊට අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙන ලද්දේ කොළඹ කාසල් වීදිය කාන්තා ශික්ෂණ රෝහලට යාබදව මහල් 16 කින් යුක්තව ඉදිකරනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවල වත්මන් ප්‍රගතිය පරීක්ෂාවට ලක් කිරීමට සිදුකරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාව අතරතුර දී ය.
මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින කාර්යාල රැසක් කුලී පදනමින් ලබාගත් පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලබන අතර, එම ගොඩනැගින්ලේ බදු කාලය තවදුරටත් ඉදිරි වර්ෂ සදහා දීර්ඝ නොකරන ලෙසටත්, නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කඩිනම් කර එම කාර්යාල සියල්ල නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා මෙහි දී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
2016 වර්ෂයේ දී ඉදිකිරීම් ආරම්භ කරන ලද මෙම නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු දීර්ඝ කාලයක් නැවතී පැවති අතර වර්තමානය වන විට රජයේ අරමුදල් යොදවා එම ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇත.
වර්ග අඩි 375,000 (තුන්ලක්ෂ හැත්තපන් දහස) කින් යුක්ත වන මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා වත්මන් ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 14,000 ක් පමණ වේ. මෙම වර්ෂයේ මුල් කාර්තුව සදහා රුපියල් මිලියන 3000 ක මුදලක් ඉදිකිරීම් සදහා වෙන් කිරීමට රජය පියවර ගනු ලැබූ අතර මෙම වර්ෂය තුළ මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සහ අවශ්‍ය ගෘහ භාණ්ඩ සහ උපකරණ මිල දී ගැනීම සඳහා තවත් රුපියල් මිලියන 1500 ක මුදලක් වෙන් කිරීමට ද අමාත්‍යංශය අපේක්ෂා කර සිටී.
ඒ අනුව ලක්ෂ එකහමාරක් වන මෙරට සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අදාළ සේවා සහ මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළ සියලු සේවා ද නුදුරේ දී ම එකම ස්ථානයක පිහිටි මෙම ගොඩනැගිල්ලේ සිට මෙහෙයවීමට අවස්ථාව සැලසෙනු ඇත. ඒ මගින් දැනට විවිධ ස්ථානවල සිට සේවා සපයන සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ කාර්යාල එකම ගොඩනැගිලි පරිශ්රයකට රැගෙන ඒමට අවස්ථාව සැලසෙන අතර, ඒ මගින් දැනට කුලී පදනම මත පවත්වාගෙන යනු ලබන ගොඩනැගිලි වෙනුවෙන් ගෙවන විශාල මුදලක් ද ප්‍රවාහන සහ අනෙකුත් සේවා සදහා වැය වන විශාල මුදලක් ද ඉතිරි කර ගැනීමට හැකිවනු ඇත. එමෙන් ම සේවා කටයුතු කාර්යක්ෂම කර ගැනීමට ද එමගින් අවස්ථාව සැලසෙනු ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිකිරීම් කටයුතුවල වත්මන් තත්ත්වය පිළිබඳව මහළින් මහළට පෞද්ගලිකවම ගොස් නිරීක්ෂණය කිරීමට මෙහි දී කටයුතු කරනු ලැබීය. එහි දී අමාත්‍යවරයා ඉදිකිරීම් කටයුතුවලට අදාළ සේවා සපයන කොන්ත්‍රාත් ආයතන වන මධ්‍යම ඉංජිනේරු සේවා (පුද්ගලික) සමාගමේ සහ මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ නිලධාරීන් සමග ඉදිරි ඉදිකිරීම් කටයුතු පිළිබඳව ඉතා දීර්ඝව සාකච්ජාවක ද නිරතවිය.
මෙම සම්පූර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඉදිරි වසර දෙකකට අඩු කාලයක් තුළ අවසන් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙස මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයට (CECB) මෙහි දී අමාත්‍යවරයා උපදෙස් ලබාදෙනු ලැබීය.
මෙම නිරීක්ෂණ චාරිකාවට සහ සාකච්ඡාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම්වරුන් සාලින්ද බණ්ඩාර, සුනිල් ගලගම, ජනක කිත්සිරි ගුණවර්ධන, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (සැපයීම්) දිනිප්‍රිය හේරත් යන මහත්වරුන් ඇතුළු මධ්‍යම ඉංජිනේරු සේවා (පුද්ගලික) සමාගමේ නිලධාරීන් සහ මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ නිලධාරීන් ද එක්ව සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

